අක්ෂිදාන සංගමයේ ඇහැ වහලා ලක්ෂ 55ක මුදල් වංචාව

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ රු.ලක්ෂ 55කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (1 වැනිදා) දන්වා සිටියේය.

විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවකු මෙන්ම අක්ෂිදාන සංගමයේ සාමාජිකයකු වන ගාමිණී විජේසේකර කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ. එම සංගමයේ ව්‍යවස්ථාවට අනුව රුපියල් පනස්දහසට වැඩි ගෙවීම් භාරකාර මණ්ඩලයේ අනුමැතිය ඇතිව පමණක් සිදුකළ යුතුය. නමුත් සභාපතිවරයාගේ අනුමැතිය ප්‍රකාරව වේතන, විදුලි ගාස්තු, දුරකථන බිල්පත්, මාසිකව ගෙවිය යුතු නිශ්චිත ගෙවීම් කළ හැකි වබත් පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා සිටියි.

ව්‍යවස්ථාවට අනුව අදාළ කටයුතු එසේ විය යුතු බවට දන්වා තිබියදී 2019 වසරේ දිරි දීමනා ලෙස ඉකුත් වසරේදී (2020දී) භාරකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව අක්ෂිදාන සංගමය සතු මුදල් ලක්ෂ 55කට අධික මුදලක් සේවකයන්ට ගෙවා විශ්වාසය කඩ කර තිබෙන බවත් පැමිණිලිකරු දන්වා සිටියි.

අදාළ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් වූ වවුචර්වලට සභාපතිවරයා අත්සන් කර නොමැති බවත් එයට නියෝජ්‍ය ලේකම් සහ භාණ්ඩාගාරික අත්සන් කර වංචාවක් කර තිබෙන බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් දන්වා තිබේ.

මෙම සිද්ධියට අදාළව විමර්ශන පවත්වන බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය ඒ අනුව අක්ෂිදාන සංගමයේ සභාපති චන්දිම අමරසූරියගෙන්ද ප්‍රකාශ සටහන් කර බව දන්වා සිටියේය.

ඉෂාර රත්නකාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09