AFC Banner
AFC Banner
Empty Ad

අක්මීමණ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට ප්‍රදේශවාසීන් මහ පාරට

අක්මීමණ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් ඊයේ (10) රාත්‍රියේ තරුණයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද (11) සවස විරෝධතාවක් පවත්වනු ලැබුවා.

ගාල්ල – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පිලාන, තක්ෂිලා මන්සන්ධියේ දී මෙම විරෝධතාව පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ තරුණයාගේ පවුලේ ඥාතින්, භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ද ඇතුළු ගම්වාසින් පිරිසක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියා.

විරෝධතාකරුවන් විසින් පැය 02කට අධික කාලයක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදී සිටි අතර, පසුව එම ස්ථානයට ගාල්ල පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසක් පැමිණ විරෝධතාවයේ නිරතව සිටි පිරිසට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නෙළුව සහ හිනිඳුම පොලිස් ස්ථානයන් වෙත ස්ථාන මාරුකර ඇති බවත් උසස් පොලිස් නිලධාරීන් එහිදී සඳහන් කර සිටියා.

නිලධාරීන් යම් වරදක් කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වන්නේ නම් ඒ සඳහා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන බව ද එහිදි ඥාතීන් හමුවේ පැවසුවා.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් විරෝධතාව අවසන් කර මාර්ගයේ රථවාහන ගමනා ගමනයට ඉඩ ලබාදුන්නා.

ඊයේ (10) රාත්‍රී ජංගම මුර සංචාරයක යෙදී සිටි අක්මීමණ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක් අසල සිටි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේ දී එක් පුද්ගලයෙකු පොලීසිය දෙසට අත්බෝම්බයක් විසි කිරීමට උත්සාහ කර තිබූ බවයි වාර්තා වුණේ.

එහිදි පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව අනෙක් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව සැකකරුවන් දෙදෙනාම ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
4
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?