අක්කායි නංගී තනිවම ඉන්න අතරේ පාපතරයින් දෙදෙනෙකු නිවසට පැමිණ කල ලොවක් නුහුලන අපරාධය

පුද්ගලයින් දෙදෙනෙකු එක් වී දැරියන් දෙදෙනෙකු දූෂණය කර ඇති පුවතක් පෝද්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ එකම පවුලේ සොයුරියන් දෙදෙනෙකු බව යි පොලීසිය සඳහන් කළේ.

දැරියන් දෙදෙනාගෙන් වැඩිමහල් සොයුරියගේ වයස අවුරුදු 15ක් බවත්, ඇයගේ නැගණියගේ වයස අවුරුදු 12ක් බවත් සඳහන්.

මෙම අපරාධය සිදුකර ඇති පුද්ගලයින් දෙදෙනා අවුරුදු 30 සහ 21 වයස්වල පසුවන්නන්.

මොවුන් දෙදෙනා දැරියන්ගේ නිවසට පැමිණ දැරියන් දෙදෙනාව නිවස පිටුපසට රැගෙන ගොස් දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

අපරාධකරුවන් දෙදෙනාවම අත්අඩංගුවට ගැනීමට පෝද්දල පොලීසිය සමත් වී ඇති බව යි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?