AFC Banner
AFC Banner
Empty Ad

අංගුලිමාල ගති විදහා පෑ අමුතු ස්වාමියා – බිරිඳ හදිසි ප්‍රතිකාර ඒකකයේ

සිය සැමියා විසින් දකුණු අතෙහි සුලැඟිල්ල පමණක් ඉතිරි වෙන සේ ඉතිරි ඇඟිලි හතර කපා දමා මුහුණ හා බෙල්ල ද තියුණු ආයුධයකින් කැපීමෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (25) මීගහකිවුල රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට තුවාල ලැබූ කාන්තාව ඇතුළත් කර ඇති බවයි.

මෙම වධ හිංසනයට ලක් ව ඇත්තේ මීගහකිවුල – අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 32 ක විවාහක කාන්තාවක්.

නිවස අසල සැඟවී සිටි අයකු එක්වරම තරුණිය අල්ලාගෙන ඇයගේ අතෙහි ඇඟිලි කපා දමා මුහුණ හා බෙල්ලට ද බරපතළ කැපුම් තුවාල සිදුකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

පවුල් ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන කන්දකැටිය පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ සැමියා සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ තරුණියගේ අතෙන් වෙන් වූ ඇඟිලි බෝතලයක දමාගෙන නිවැසියන් විසින් රැගෙන විත් තිබූ අතර මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව තරුණිය ද සමඟ ඇඟිලි බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත යැවීමට මීගහකිවුල රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?