spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆේස්බුක් එකේ කාන්තා වෙස්ගෙන සිටි කොල්ලකරුවෝ දෙදෙනෙක් පොලිස් දැලේ

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මඟින් කාන්තාවක් සේ පෙනී සිටිමින් පිරිමි පුද්ගලයින්ගේ මුදල් ඇතුළු වටිනා දෑ කොල්ල කෑ දෙදෙනෙක් යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් නෙල්ලිඅඩි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි අදාළ සැකකරුවන් අද (30) දින අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ ෆේස්බුක් මඟින් හඳුනාගත් තරුණියක් හමුවීම සඳහා තමන් යාපනයට පැමිණි අවස්ථාවේ දී ඒකවරම පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් තමන්ට ආයුධ පෙන්වා මුදල් සහ ජංගම දුරකථනය කොල්ල කා පලාගිය බවයි.

පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් මීට පෙර ද අවස්ථා කිහිපයක දී සමාජ මාධ්‍ය මඟින් කාන්තාවන් ලෙස පෙනී සිටිමින් පිරිමි පුද්ගලයින් යාපනය ප්‍රදේශයට කැඳවාගෙන ආයුධ පෙන්වා ඔවුන්ගේ වටිනා දෑ කොල්ල කා ඇති බවයි හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?