හොලිවුඩ් නළු ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් දිවිගමනට සමුදෙයි

ජනප්‍රිය ස්ටාර් ට්‍රෙක් නළු ශ්‍රීමත් පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට මෙම බ්‍රිතාන්‍ය ජාතික හොලිවුඩ් නළුවා 86 වන වියේ පසු වුණා.

නාට්‍ය සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් 2010 දී දෙවන එළිසබෙත් රැජින විසින් නයිට් පදවිය ලබා ගත් ස්ටුවර්ට්, ලොස් ඇන්ජලීස් හි ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

දශක ගණනාවක් පුරා ෂේක්ස්පියර් නාට්‍ය රංගනයන්හි නිරත වීමෙන් මෙන්ම, “ස්ටාර් ට්‍රෙක්” (Star Trek) සහ “එක්ස්-මෙන්” (X-Men) චිත්‍රපට මාලාවන්හි ප්‍රධාන චරිත නිරූපණය කිරීමෙන් ප්‍රසිද්ධියට පත් පැට්‍රික් ස්ටුවර්ට් පසුගිය බදාදා දිනයේදී මියගොස් තිබෙනවා.

අල්සයිමර් (Alzheimer’s) සහ ඩිමෙන්ෂියා (dementia) රෝග තත්ත්වයන් සමඟ “කෙටි නමුත් වේදනාකාරී අත්දැකීමක්” විඳීමෙන් අනතුරුව ඔහු මෙලොව හැරගිය බවයි ඔහුගේ බිරිඳවන සනී ඇතුළු පවුලේ ඥාතීන් පවසන්නේ.