විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි නොවි විදේශ රැකියා ආයනයක් බදුල්ල නගරයේ පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ පස්වරු අත්අඩංගුවට ගත් බව හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් පැවසිය
විදෙස් ගතවු අයෙකු ගෙන් එම කාර්යාලය වෙත ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකල බවද ඔවුන් පවසයි
Globle Edu Kre Senter නමින් අංක 07/ඒ, පලමු පටුමග, ධර්මදුත පාර, බදුල්ල ලිපිනයේ මෙම පුද්ගලයා විසින් මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇත. වයස අවුරුදු 55 ක් වන සැකකරු සරවන් පාර, කල්අඩි, මඩකලපුව යන ලිපිනයේ ස්ථිර පදිංචි කරුවෙකු වන අතර මහියංගණය පාර කයිලගොඩ බදුල්ල යන ලිපිනයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටි බවද ඔවුන් පැවසිය.
අදාල සැකකරු සමග එම ආයතනය තුල ලිපි ලේඛන තම භාරයට ගත් බවත් සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හාලිඇල කාර්යාලයේ නිලධාරීන් පැවසිය













