හොරෙන් මෙරටට ගෙන්වූ වාහනයක් පැද්ද ව්‍යාපාරිකයෙකුට ඇප

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇතැයි පවසන රුපියල් කෝටි හතරක් පමණ වටිනා බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යාම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනගාරගතව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (13) නියෝග කළා.

මෙලෙස ඇප නියම වූයේ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇතැයි පවසන තුෂාර හේමචන්ද්‍ර නමැති 53 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයෙක් හට යි.

අදාළ නීති කෘත්‍ය අධිකරණයෙහි විභාග වූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කමල් ප්‍රසන්න විජේසිරි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අදාළ මෝටර් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයකින් මිල දී ගෙන ඇති බවත් ඒ සඳහා වූ ලිපි ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එමෙන්ම එම මෝටර් රථය අදාළ පෞද්ගලික මූල්‍ය ආයතනය වෙත ලබා දුන් මෝටර් රථයේ පළමු හිමිකරුගේ විස්තර ඇතුළත් ලේඛන ද මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෝටර් රථයේ මුල් හිමිකරු පිළිබඳව විමර්ශන කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23