AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් ගෙට කරන්ට් එක ගත්තු අයෙක් අත්අඩංගුවට

අනවසරයෙන් තම නිවසට විදුලිය ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහියංගණය 45 කණුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 කණුව, පදියතලාව පාර, මහියංගණය ලිපිනයේ පදිංචි 37 හැවිරිදි‍ අයෙක්.

සැකකරු විසින් ඔහුගේ නිවසට විදුලිය ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සවිකර ඇති විදුලි මීටරය ව්‍යාජ ලෙස සකස් කර; විදුලිය ලබා ගන්නා බවට ලංවිම වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුවයි විදුලි බල මණ්ඩලයේ විමර්ශන නිලධාරීන් විමර්ශන ආරම්භ කර, පොලිසියේ සහාය ද ඇති ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සැකකරු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?