හොරෙන් ගෙට කරන්ට් එක ගත්තු අයෙක් අත්අඩංගුවට

අනවසරයෙන් තම නිවසට විදුලිය ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහියංගණය 45 කණුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 කණුව, පදියතලාව පාර, මහියංගණය ලිපිනයේ පදිංචි 37 හැවිරිදි‍ අයෙක්.

සැකකරු විසින් ඔහුගේ නිවසට විදුලිය ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සවිකර ඇති විදුලි මීටරය ව්‍යාජ ලෙස සකස් කර; විදුලිය ලබා ගන්නා බවට ලංවිම වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුවයි විදුලි බල මණ්ඩලයේ විමර්ශන නිලධාරීන් විමර්ශන ආරම්භ කර, පොලිසියේ සහාය ද ඇති ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් සැකකරු මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53