මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24 තුළ පැමිණි මුළු පැමිණිලි සංඛ්‍යාව 184ක්.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 06 දක්වා පැමිණි මුළු පැමිණිලි සංඛ්‍යාව 2644 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂම විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මෙසේ වාර්තා වූ මැතිවරණ පැමිණිලි අතුරින් පැමිණිලි 1961 විසඳීමට කටයුතු කර ඇති බවයි.

WhatsApp Image 2024 09 07 at 18.02.57