spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට (22) උණුසුම ගැන දැනුම් දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හෙට දිනයට වලංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ බස්නාහිර, නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ පළාත්වල සහ රත්නපුර, මොණරාගල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් සඳහායි.

එම දිස්ත්‍රික් සහ පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මේ හේතුවෙන් වැඩ බිම් තුල ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි. නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වීම ද අත්‍යවශ්‍ය වනවා.

කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවණ ඇති ස්ථානවල රැඳෙන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතුයි. ඊට අමතරව සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසට ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?