හෙට විවෘත කිරීමට නියමිත ව්‍යාපෘතියක කෝටි ගණනක් වූ දේපළ ගිනි ගනී (ඡායාරූප)

අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් අද පස්වරුවේ හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබෙන ව්‍යාපෘතියකට අයත් රුපියල් කෝටි ගණනක බට තොගයක් එහි තිබූ බවයි වාර්තා වන්නේ.

ජල ව්‍යාපෘතියට අයත් මෙම බට තොගය උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී ගින්න හටගෙන තිබෙනවා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත් වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ගින්නට නිශ්චිත හේතුවක් මෙතක් අනාවරණ වී නොමැති අතර අරණායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
36
+1
22
+1
10
+1
48
+1
9
+1
22
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?