හෙට දිනයේ දී උණුසුම ඉහළට – පළාත් කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (10) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (09) පස්වරු 04.00ට නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක් මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව අවධාරණය කර තිබෙනවා.