හූ හඬ මධ්‍යයේ පිටව ගිය ඇමති සහ රාජ්‍ය ඇමති (වීඩියෝ)

බමුණුකොටුව ප්‍රදේශයේ විවෘත කිරීමක් සඳහා පැමිණි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකට පිරිසකගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.

වල්පොල, බමුණුකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා අද (11) පෙරවරුවේ පැමිණි අමාත්‍යවරයාට එහි රැස්ව සිටි පිරිසක් මෙලෙස විරෝධය පළකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් ද එක්ව සිටි බවයි දැනගන්නට ලැබුණේ.

ඒ, අවස්ථාවේ අවට ආරක්ෂාවට පොලිස් නිලධාරීන් රැසක් දා යොදවා සිටි අතර, සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා රැස්ව සිටි පිරිසගේ හූ හඬ මධ්‍යයේ එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
85
අවුල් වගේ !
1
හරි හිනා !
76
හම්මෝ !
3
මාර දුකයි !
12
මලපනිනව !
15
කුජීතයි !
6
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?