හුස්ම නැවතුණු සර්පයාට කෘත්‍රීම ශ්වසනය දුන් පොලිස් නිලධාරියා

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි රාජකාරි කටයුතු කරන පොලිස් නිලධාරියෙකු විසින් සර්පයෙකුට කෘත්‍රීම ශ්වසනය දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; මෙම සිදුවීම සිදු ව ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් හි නර්මදපුරම් ප්‍රදේශයෙන් බවයි.

මෙම සර්පයා එම ගම්මානයේ නල මාර්ග පද්ධතියකට ඇතුල් වී තිබෙනවා.

එම නල මාර්ගයේ ගලා යන්නේ පළිබෝධනාශක දියර වන අතර, ඒවා සර්පයාට හට පෙවීම හේතුවෙන් එම සත්ත්වයාට ශ්වසන අපහසුතාවක් ඇති ව තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව එම නලයෙන් සර්පයාව ඉවතට ගත් මෙම පොලිස් නිලධාරියා විසින්, සර්පයාගේ ශරීරයේ ප්‍රාණීත්වය යළිත් ලබාදීම සඳහා එම සත්ත්වයාගේ මුඛයට කෘත්‍රීම ශ්වසන ලබාදීමට උත්සාහ කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන වීඩියෝව විශාල වශයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වී තිබෙන අතර, මේ සම්බන්ධයෙන් ඉන්දීය පශු වෛද්‍යවරයෙකු ද අදහස් දක්වා තිබෙනවා.

Cardiopulmonary resuscitation නැතහොත් වෛද්‍ය විද්‍යාවේ CPR යනුවෙන් හඳුන්වන්නේ මෙම ක්‍රියාවලියයි.

හෘද ස්පන්දනය නැවතුණු කිසියම් ජීවියෙකුට මූලික වශයෙන් සිදු කරන ප්‍රථමාධාරය වන්නේ මෙයයි.

පළිබෝධනාශක මුසු ජලය පෙවුණු සර්පයාව නල මාර්ගයෙන් ඉවතට ගෙන එම සර්පයාට අදාළ පොලිස් නිලධාරියා විසින් මුවට මුව තබමින් කෘත්‍රීම ශ්වසනය දීමට උත්සාහ දරා තිබෙනවා.

නමුත් පශු වෛද්‍යවරුන් පවසන්නේ සර්පයින් හට කෘත්‍රීම ශ්වසනය ලබාදීමට නොහැකි බවත්; ඉන් ඔවුන්ව ජීවත් කරවීමට අපහසු බවයි.

මෙම නල මාර්ගයට සර්පයා ඇතුල් වූ පසු එම සර්පයාව ඉන් මුදා ගැනීමට ප්‍රදේශවාසීන් උත්සාහ දැරුව ද එය අසාර්ථක වී තිබෙනවා.

ඉන් අනතුරුවයි එම ස්ථානයට ආ මධ්‍ය ප්‍රදේශ් හි පොලිස් නිලධාරියා විසින් සර්පයාව මුදාගනිමින් කෘත්‍රීම ශ්වසනය ලබාදීමට කටයුතු කර ඇත්තේ.

ඉන් පළිබෝධනාශක දියර හේතුවෙන් සිහි මුර්ජාව සිටි මෙම සර්පයාට නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමට හැකි වීම නිසා බොහෝ දෙනා මෙම පොලිස් නිලධාරියාට සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

ෂර්මා නමැති මෙම පොලිස් නිලධාරිවරයා ව ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා ඇත්තේ ”self-taught snake rescuer” යනුවෙන් වීම ද විශේෂත්වයක්.

සිහිමුර්ජා ව සිටි මෙම සර්පයාව බෙල්ලෙන් අල්ලා සිටින මෙම පොලිස් නිලධාරියා එම සර්පයාගේ මුඛයට පිඹිමින් පසුව, සර්පයාගේ ශරීරයෙහි ගැල්වී තිබූ පලිබෝධනාශක දියර ඉවත් කරන ලෙසට ද අවට රැස්ව සිටි පිරිසෙන් ඉල්ලා තිබෙනවා.

මෙම උත්සාහය අවසානයේ දී සාර්ථක වන්නේ එම සර්පයාගේ ජීවිතය බේරාගැනීමට මෙම පොලිස් නිලධාරියාට හැකිවීමත් සමගින්.

සම්පූර්ණ වීඩියෝව මෙතැනින්:- https://www.ndtv.com/video/news/news/cop-s-efforts-to-revive-snake-who-drank-pesticide-laced-water-734464

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21