spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක දැනට ඩුබායි හි සැඟව සිටින හීනටියන මහේෂ් යන අයගේ ගෝලයෙකු විශේෂ කාර්‍යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අද දහවල් මීගමුව මේරියන් – කුඩා පාඩුව ප්‍රදේශයේ දීයි.

මෙම සැකකරු ව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මීගමුව පොලිස් විශේෂ කාර්‍යය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් නවාස් මොහොමඩ් නම් අයෙක්.

ඔහු සතුව තිබී හීනටියන මහේෂ් යන අයට අයත් බවට සඳහන් T56 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 03 ක්, උණ්ඩ 87ක් සහ 8mm වර්ගයේ පිස්තෝල අවියක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, එයට යොදන ජීව උණ්ඩ 15ක් සහ ව්‍යාජ අංක තහඩු දෙකක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?