spot_imgspot_img

හිතුවක්කාර විවාහයක් කරගත් දියණියව ඝාතනය කළ මව්පිය යුවළ

පවුලේ අකමැත්තෙන් වෙනත් කුලයක පිරිමියෙකු සමඟ විවාහ වූ තරුණියක් ඇයගේ දෙමාපියන් සහ සහෝදරයා විසින් ගෙළ සිරකර මරා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර මව්පිය යුවළ සහ සහෝදරයා ඊයේ ජජ්ජර් ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි ගම්මානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය ලක්වූ තරුණිය 22 හැවිරිදි වියේ පසුවන අංජලී නැමැති තැනැත්තියක් වන අතර, ඇය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඇය පදිංචිව සිටි ගමේම තරුණයෙකු වන සන්දීප් සමඟ විවාහ වී තිබෙනවා.

සිය බිරිඳ වන අංජලී පසුගිය බ්‍රහස්පතින්දා නිවසින් පිටතට ගොස් සිටියදී ඇගේ දෙමාපියන් සහ සහෝදරයා විසින් ඇයව ඝාතනය කර සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක් ලෙස ඇගේ දේහය ඔවුන්ගේ උපන් ගමේ ආදාහනය කර ඇති බව සන්දීප් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

බ්‍රහස්පතින්දා දහවල් 1.00ට පමණ, මිතුරෙකු විසන් සන්දීප්ට කතා කර පවසා ඇත්තේ, අංජලී මියගොස් ඇති බවත් ඇගේ පවුලේ සාමාජිකයින් ඇගේ අවසන් කටයුතු සූර්හේටි ගමේ සිදුකරන බවයි.

ඉන් අනතුරුව සන්දීප් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කළා.

එම විවාහයට මව්පියන් සහ තමන්ගේ කැමැත්තක් නොතිබීම හේතුවෙන් තම සහෝදරිය මෙලෙස ඝාතනය කිරීමට තිදෙනාම එක්ව කටයුතු කළ බවයි ඝාතනයට ලක් වූ අංජලීගේ, 20 හැවිරිදි සහෝදරයා පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
12
+1
1
+1
4
+1
28
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?