හිටි පිළිම වහන්සේ නමක් සොරාගත් පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ

දම්පෑලැස්ස, විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයේ විහාරගෙය තුළ තැම්පත් කර තිබූ අඩි 04 ක් පමණ උස ලෝකඩ වලින් නිර්මාණය කරන ලද හිටි පිළිම වහන්සේ නමක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව නාරම්මල පොලීසිය පවසනවා.

විද්‍යාලංකාර පිරිවෙන් විහාරයේ විහාරාධිපති පුජ්‍ය ගලයායේ සුමනරතන ස්වාමීන් වහන්සේ විසින් කර ඇති පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශණය ආරම්භ කර ඇත්තේ.

තමන් වැඩ වාසය කරන විහාරස්ථානයේ විහාර ගෙය තුළ තැම්පත් කර තිබූ හිටි පිළිම වහන්සේව කිසියම් අයෙකු විසින් සොරකම් කර ගෙන ගොස් ඇති බවට මෙම පැමිණිල්ල සිදුකර ඇති අතර, පසුගිය 06 වනදා රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුජර ඇති බවයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස සොරාගෙන ගොස් ඇති පිළිමයේ වටිනාකම කොපමන ද යන්න ස්වාමීන් වහන්සේ පොලීසිය හමුවේ පවසා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41