Empty Ad
AFC Banner
Empty Ad

හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහි පෙත්සමේ කරුණු තහවුරු කිරීමට දින දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලැබූ හිටපු සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (20) එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති නිසා අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගිහාන් ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පසුගිය රජය සමයේ අලුතින් සුරා බදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී අලුතෙන් සුරාබදු බලපත්‍ර හතරක් නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
Video thumbnail
අර්චුනා අද හොඳටම ෆයර් වෙයි - උළු උඩ යන්න දෙන දීම අහලම බලන්න
06:44
Video thumbnail
ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාක්ච්ඡාවක්
00:27
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26
Video thumbnail
සජබේ ප්‍රසාද් නියෝජ්‍ය ඇමති එක්ක පැටලෙයි
16:56
Video thumbnail
කැත වැඩ කරපු අක්කාව මාට්ටු - Video කරන්න එපා - අපේ තාත්තා පෝලීසියේ
00:39
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත්තේ නැත්නම් රට තුළ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ?
07:46
Video thumbnail
මාලිමාව කෙඳිරි ගෑවෙන්නම වැඩේ දෙයි - කඩුවෙල නගරාධිපති අපේක්ෂකයා මමයි
09:00
Video thumbnail
ආනුරාධපුර රෝහලේ ජරමරේ - අහිංසක මිනිස්සු - නන්නත්තාරයි
03:22

?