හිටපු ඇමති මහින්දානන්දට එරෙහි නඩුවක වැඩිදුර විභාගයට දින නියම වෙයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

අද (18) දිනයේ දී මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදා කැඳවන ලෙස නියම කළා.

ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි මෙම චෝදනාව එල්ල කර තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?