හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.

රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් හයදෙනෙකු බඳවා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.