හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරක්

ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එක් ලොරි රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ පා පැදියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පා පැදි කරු මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි.

ඉකුත් 29 වැනිදා රාත්‍රී 9.00 ට පමණ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව – බෝලවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙන අතර අනතුරින් මිය ගොස් ඇත්තේ වයික්කාල, අංගම්පිටිය පදිංචි වයස අවුරුදු 70 ක අයෙක්.

හලාවත දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කරමින් තිබූ තවත් ලොරි රථයක බඳ කොටසේ ගැටීමෙන් මුලින්ම අනතුරක් සිදුවී තිබෙනවා.

ඉන්පසු එම අනතුරත් සමඟ හලාවත දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථය මාර්ග හරහා ගමන් කරමින් තිබූ පා පැදියක ගැටීමෙන් නැවත වතාවක් අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ පා පැදිකරුව ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරු ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රකාශයක් හෝ ලබා නොදී මිය ගොස් තිබෙනවා.

අනතුරට සම්බන්ධ ලොරි රථ දෙක තම භාරයට ගෙන එම රථ වල රියදුරන් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය කටයුතු කර ඇති අතර වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?