AFC Banner
AFC Banner
Empty Ad

‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමේ සූදානමක

තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.

සිය ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරක් කටා සහ කුඩු සලිඳු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් අද (11) කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මෙම දැනුම්දීම සිදු කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයට දන්වා සිටියේ අදාළ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම පෙත්සම යළි ඔක්තෝම්බර් මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනම එම කටයුතුවල තත්ත්වය දැනුම් දෙන ලෙසත් පෙත්සමේ පාර්ශ්වකරුවන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
2
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44
Video thumbnail
නීතිපතිවරයාට වැඩ වරදී ? මාලිමාවේ පම්පෝරිය සුනේ සුන්...
07:36
Video thumbnail
කසියා පෙරපු අයයි - බොන්න ආපු අයයි එක පොදියට පොලිස් දැලට
02:13
Video thumbnail
මේක නැවැත්තුවේ නැතොත් - අපි නවත්වන විදියත් දන්නවා
10:03
Video thumbnail
පා.ම නිතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ පා.ම රෝහණ බණ්ඩාර සමඟ දසත කස්තිරම
01:31:21
Video thumbnail
පාසල්වල මුදල් එකතු කිරීම තහනම් - බොරුවාට බයිලා ගහලා වැඩක් නෑ
04:33
Video thumbnail
චන්දිම වීරක්කොඩිගෙන් හෙළිදරව්වක් - ගේ ගිනි තිබ්බේ මාලිමාවේ ප්‍රබලයෙක්
01:59

?