හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල ජාතිකයෙකුගෙන් හමාස් සොල්දාදුවන් දෙදෙනෙකුට හාදුවක් (වීඩියෝ)

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවෙක් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල ජාතිකයෙකු නිදහස් කිරීමෙන් පසු ඔහු හමාස් සොල්දාදුවන් දෙදෙනෙකුගේ නළල සිපගන්නා සිදුවීමක් පිළිබඳව මේ වනවිට දැඩි කතා බහක් මතුව තිබෙනවා.

වසර එකහමාරකට වැඩි කාලයක් මෙම ඊශ්‍රායල ජාතිකයා හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ පළමු අදියර අවසන් වීමට ආසන්නව තිබිය දී නිදහස් කළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු අතර සිටි ඔමර් ෂෙම් ටොව් නැමැති මෙම ප්‍රාණ ඇපකරුවා මෙලෙස හමාස් තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ හිස පිටුපසට අල්ලාගෙන ඔහුගේ නළලට හාදුවක් දෙන ආකාර අදාළ දර්ශනවල දැක්වෙනවා.

එම අවස්ථාවේ දී ඒ අසල රැස්ව සිටි පිරිස ඔල්වරසන් නඟන ආකාරයයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔමර් ෂෙම් ටොව්ගේ මිත්තණිය වන සාරා ඊශ්‍රායලයේ මාධ්‍ය වෙත පැවසුවේ තම මුනුපුරා විනෝදකාමී මිනිසෙකු බවත් ඔහු සෑම කෙනෙකු සමඟම හොඳින් කටයුතු කරන අයෙකු බවයි.

ඔහුගේ පියාවන මල්කි ෂෙම් ටොව් තම පුතාව හැඳින්වූයේ “ලෝකයේ වඩාත්ම ධනාත්මක මනසක් ඇති” පුද්ගලයා ලෙසයි.

මේ අතර ඔමර් ෂෙම් ටොව් හමාස් වහල්භාවයේ දින 505ක් ගත කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කරන්නේ.

ඔමර් ෂෙම් ටොව් සිදුකළ මෙම කුඩා ක්‍රියාව විශාල සාමයේ රැල්ලකට තුඩු දෙනු ඇතැයි යුද විශ්ලේෂකයින් පවසනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් ඔමර් ෂෙම් ටොව්ගේ මෙම හාදුව හමාස් තුවක්කුකරුවන් විසින් මෙහෙය වූ එකක් බවයි පවසන්නේ.

එම වීඩියෝව මෙතැනින් නරඹන්න..

https://twitter.com/chilternbear11/status/1893547539615408433



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09