හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල ජාතිකයෙකුගෙන් හමාස් සොල්දාදුවන් දෙදෙනෙකුට හාදුවක් (වීඩියෝ)

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවෙක් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල ජාතිකයෙකු නිදහස් කිරීමෙන් පසු ඔහු හමාස් සොල්දාදුවන් දෙදෙනෙකුගේ නළල සිපගන්නා සිදුවීමක් පිළිබඳව මේ වනවිට දැඩි කතා බහක් මතුව තිබෙනවා.

වසර එකහමාරකට වැඩි කාලයක් මෙම ඊශ්‍රායල ජාතිකයා හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ පළමු අදියර අවසන් වීමට ආසන්නව තිබිය දී නිදහස් කළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු අතර සිටි ඔමර් ෂෙම් ටොව් නැමැති මෙම ප්‍රාණ ඇපකරුවා මෙලෙස හමාස් තුවක්කුකරුවන් දෙදෙනෙකුගේ හිස පිටුපසට අල්ලාගෙන ඔහුගේ නළලට හාදුවක් දෙන ආකාර අදාළ දර්ශනවල දැක්වෙනවා.

එම අවස්ථාවේ දී ඒ අසල රැස්ව සිටි පිරිස ඔල්වරසන් නඟන ආකාරයයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔමර් ෂෙම් ටොව්ගේ මිත්තණිය වන සාරා ඊශ්‍රායලයේ මාධ්‍ය වෙත පැවසුවේ තම මුනුපුරා විනෝදකාමී මිනිසෙකු බවත් ඔහු සෑම කෙනෙකු සමඟම හොඳින් කටයුතු කරන අයෙකු බවයි.

ඔහුගේ පියාවන මල්කි ෂෙම් ටොව් තම පුතාව හැඳින්වූයේ “ලෝකයේ වඩාත්ම ධනාත්මක මනසක් ඇති” පුද්ගලයා ලෙසයි.

මේ අතර ඔමර් ෂෙම් ටොව් හමාස් වහල්භාවයේ දින 505ක් ගත කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා සඳහන් කරන්නේ.

ඔමර් ෂෙම් ටොව් සිදුකළ මෙම කුඩා ක්‍රියාව විශාල සාමයේ රැල්ලකට තුඩු දෙනු ඇතැයි යුද විශ්ලේෂකයින් පවසනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් ඔමර් ෂෙම් ටොව්ගේ මෙම හාදුව හමාස් තුවක්කුකරුවන් විසින් මෙහෙය වූ එකක් බවයි පවසන්නේ.

එම වීඩියෝව මෙතැනින් නරඹන්න..

https://twitter.com/chilternbear11/status/1893547539615408433



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38