AFC Banner
Empty Ad
Empty Ad

හදිස්සියේ සජිත් ජන්දෙට ලෑස්ති වෙයි,ආණමඩුවේ පල්ලම සජබෙ කාර්යාලය අරී

ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇති බවත්,පෝලිම් යුගය සහ සලාක යුගය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දරුවාට කිරි ටිකක් ගන්නට දෙමව්පියන්ට පෝලිම්වල රස්තියාදු වන්නට සිදුව ඇති බවත්,අත්‍යවශ්‍ය භාණ්ඩ සීමා කොට ඇති බවත් ඒ මහතා පැවසීය.

ජන දුක නොහඳුනන ආණ්ඩුවට ලැජ්ජ බය නහර ද නැති බවත්, මේ කෙටි කාලය තුළ ආණ්ඩුව විසින් මුළු රටම බරපතල අගාධයකට තල්ලු කොට ඇති බවත් ඒ මහතා පැවසීය. ආනමඩුව ආසන සහය සංවිධායක අනුශ්ක ප්‍රියශාන්ත මහතාගේ පල්ලම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට (08) පෙරවරුවේ එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි,හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?