spot_imgspot_img
spot_img

හඬපට එහෙම දෙන්න බෑ – කථානායක

පාර්ලිමේන්තු කාරක සභාවක දී මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීමට අදාළ හඬපටය නිකුත් කිරීමට කථානායකවරයා බැඳී සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (17) පාර්ලිමේන්තුවේ දී නැඟූ වරප්‍රසාද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

එය පාර්ලිමේන්තුව ගත් තීරණයක් බවද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක් වූ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සඳහන් කළේ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තමාට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට අදාළ හඬපටය අවශ්‍ය බවයි.

පාර්ලිමේන්තුවේ කාරක සභාවල හඬපට පිටට ලබාදිය නොහැකි බව ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා පැවසුවා.

මේ අතර තමන්ට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?