මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3,500කට සෞදි අරාබියේ සත්කාරකත්වය හිමිවන ගිවිසුමට පසුගිය දා අත්සන් තැබුවා.
සෞදි හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
දෙරට අතර හජ් වන්දනා සමය ආශ්‍රිත පහසුකම් මෙන්ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳව ඉතා සාර්ථක ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද එහිදී පැවැත් වූ බවයි ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පැවසුවේ.
