spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෝල් බීච් හැදුවේ අරුන්දිකගේ වුවමනාවට ද? (වීඩියෝ)

දෙහිවල සෝල් බීච් අවන්හල කඩා දැමුවේ නීත්‍යානුකූලව තමාට පැවරී ඇති බලතල මත බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කලමණාකරණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.එස්.රණවක මහතා පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා දසත නිවුස් වෙත ප්‍රකාශ කලේ, අදාළ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් 2022 වසරේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර දඩ මුදලකට ද යටත් කර ඇති බවයි.

ජනවාරි මස පළමුවැනි දින දෙහිවල වෙරළ තීරයේ ඉදිකර තිබු සෝල් බීච් අවන්හල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදිසියේ කඩා දැමීම සමාජයේ විශාල කථාබහක් මතු කළ මාතෘකාවක්.

මීට මාස තුනකට පමණ පෙර විවෘත කරන ලද මෙම අවන්හල කඩා දැමීමට හේතුව වශයෙන් දැක්වුනේ වෙරළ සංරක්ෂණ නීති රීති උල්ලංඝනය කිරීමයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ 2022 ජනවාරි මස 14 වැනිදා වෙරළ ආරක්ෂක නියාමකවරයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 30045 යටතේ නඩු පැවරීමක් සිදුකර රුපියල් 25,000 ක දඩ මුදලක් ද අදාල අවන්හලට ගෙවීමට සිදු වු බවයි.

ඒ් මෙම අවන්හල වෙරළ සංරක්ෂණ නීතී රීති උල්ලංඝනය කරමින් සිදු කළ නීතී විරෝධී ඉදිකිරීම් ඇති බවට ගොනු කෙරුණු නඩුකරයකදී.

කෙසේ වෙතත්, එලෙස අනවසර ඉදිකිරීමක් ලෙස හඳුනාගැනුනු මෙම අවන්හලට අනුමැතිය ලබාගැනීම සඳහා මැදිහත්ව ඇත්තේ වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතායි.

අවසර ලබාදුන් බව පැවසෙන ලිපියේ මුල් පිටපතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන ව්‍යාජ අත්සනක් බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

පොලිසිය සඳහන් කලේ එලෙස ව්‍යාජ අත්සන් යොදා මෙම ලිපිය සකස් කිරීම සම්බන්ධයෙන් අනිල් විජේසිරි යන පුද්ගලයාගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට ද නියමිත බවයි.

රජයේ ආයතන ගණනාවක් මගින් ලබා දී ඇති මෙම සියළු අනුමැතීන් සඳහා භාවිතා කර ඇත්තේ ද මෙම ව්‍යාජ අත්සන සහිත මෙම ලිපිය බවයි මේ සම්බන්ධ විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කලේ.

පෙර දැනුම්දීමකින් තොරව මෙම අවන්හල හදිසියේ කඩාබිඳ දැමීමක් සිදුකලේ ද යන්න පිළිබඳව දසත නිවුස් කළ විමසීමේදී අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.ඒ.එස්.රණවක මහතා පැවසුවේ මෙම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් බව පෙර හදුනාගෙන තිබු බවයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබු ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ
නියෝගය දිනෙන් දින මඟහරිමින් කටයුතු කිරීමට සෝල් බීච් ආයතන හිමිකරුවන් කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ් අනුව වෙරළ සංරක්ෂණ පනත අනුව තමාට අදාල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ඔ්නෑම මොහොතක බලතල පවතින බව ද අධ්‍යක්ෂවරයා පැවසුවා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට රටින් පළාගොස් සිටින මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පියා වන අබ්දුල් රසීක් මොහොමඩ් බාසික් යන අයගෙන් මෙම ඉඩම බදු පදනම යටතේ සෝල් බීච් ආයතනයේ හිමිකරුවන් විසින් ලබාගෙන ඇති බවයි.

ඒ වෙනුවෙන් මෙම හෝටල් සමාගම ඔහුට මාසිකව රුපියල් ලක්ෂ 8 ක බදු මුදලක් ද ගෙවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?