සෙව්වන්දි සහ පද්මේ රස පරීක්ෂක වෙත යොමුකරන්න CCDය අධිකරණයෙන් ඉල්ලයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව කෙහෙල්බද්දර පද්මේ සහ ඉෂාරා සෙව්වන්දි රස පරීක්ෂක වෙත යොමු කිරීමට ⁣කොළඹ අපරාධ කොට්ඨාශය අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අවසර ඉල්ලා සිටියා.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් විසින් පවසා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා අතර සිදුවු සංවාද සම්බන්ධයෙන් හඩ පඨ ඇතුළත් සි.ඩී පඨයක් මේ වන විට රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි.

එම හඩ පඨයේ ඇති කටහඩ පරීක්ෂා කිරිමට මෙම සිද්ධියට අදාළව 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ 18 වන සැකකාරිය වන කෙහෙල්බද්දර පද්මේ රස පරීක්ෂක වෙත යැවීමට අවශ්‍ය බැවින් අධිකරණයෙන් එලෙස අවසර ඉල්ලා සිටියා.

තවද කෙහෙල්බද්දර පද්මේ සන්තයේ තිබී අත්අඩංගුට ගත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණ අවසන් බවත් ඒ අනුව මෙම අපරාධය සිදු කිරීමට කළ සැලසුම් සහ පසු හැසිරීම් ගැන කරුණු අනාවරණය වන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

සිද්ධියට අදාළ එක් සැකකාරියක් පමණක් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටියා.

සැකකරුවන් ලබන 16 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06