spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සූර්වෙන අයට මාළු පෙට්ටියෙන් කසිප්පු ගෙදරටම බෙදලා (වීඩියෝ)

සිය යතුරු පැදියේ මාළු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැද ගෙන මාළු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශවල කසිප්පු විකුණූ පුද්ගලයෙක් රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමඟ අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසිනුයි.

අත්අඩංගුවට ගත් මොහු හීනටියන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු වසර ගණනාවක සිට මෙම ජාවාරම සිදු කර ගෙන යන බවට කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව, සති ගණනාවක් කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳව සැඟවී තොරතුරු රැස් කරමින් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කර ඇති අතර මෙම පුද්ගලයා ද දිනෙන් දින වේලාව සහ ඔහු ගමන් ගන්නා මාර්ග වෙනස් කරමින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් තිබුණා.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම යතුරු පැදිය තුළ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 75,000ක ප්‍රමාණයක් තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහුගෙන් මෙම කසිප්පු මිළදී ගන්නා පුද්ගලයන් මෙම කසිප්පු ස්ප්‍රීතු වෙත තවදුරටත් ජලය එක් කර මෙම කසිප්පු ප්‍රමාණය තුන් ගුණයක් දක්වා වැඩි කර ගන්නා බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බව සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් සිදු කරනු ලබන අතර අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

20240212 085848 scaled
20240212 085912 scaled
20240212 092733 scaled
20240212 092736 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?