සූර් වූ රියදුරුගේ කෙරුම්වලින් තරුණයෙකුට දිවි අහිමි වෙයි

මදුරාවල ප්‍රදේශයේ ඊයේ (25) පස්වරු 5.40ට පමණ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණයෙකු යට කරමින් ඊට මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කළ බස් රථයක් පාරෙන් ඉවතට පැන අසල තිබූ නිවසක ආරක්ෂක තාප්පය ද කඩාගෙන ගොස් ඇති බවයි අඟුරුවාතොට පොලිසිය පැවසුවේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ අක්කර 13, කනන්විල, අඟුරුවාතොට පදිංචි ව සිටි 24 හැවිරිදි සනුත් නදීක ගෝමස් නමැති ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත තරුණයෙක්.

අනතුරට පත් තරුණයා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

නෑබඩ, රන්නගල ප්‍රදේශයට දිය නෑමට පැමිණි පිරිසක් විනෝද වී මත්පැන් පානය කර නැවත හෝමාගම ප්‍රදේශයේ නිවෙස් බලා ගමන් කරමින් තිබූ බස් රථයක් අධික වේගයෙන් ගමන් කරමින් තිබිය දී මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරට හේතුව බස් රථ රියදුරු බීමත් ව සිටීම සහ අධික වේගය බවයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12
Video thumbnail
"12 වැනිදාට මමත් මහින්දගේ වේදිකාවට නගිනවා.. සජිත් ජනාධිපති වුණොත් එයා ළඟට යනවා"
00:16
Video thumbnail
"නාමල්ගේ නඩුව ඉවර වෙද්දි ජනාධිපති වෙන කවුරු හරි"
00:13
Video thumbnail
වියළි කාලගුණයට විරාමයක් දී මොණරාගලට ඇදහැලුණු මහ වැස්ස
02:43
Video thumbnail
මේක ජනතාව එක්ක මහපාරේ විසඳගන්න වෙනවා - පරමාධිපත්‍යයට ශ්‍රේෂ්ඨාධිකරණයත් පිටුපාල
03:12
Video thumbnail
හින්දු ආගමික නායකයින් පිරිසක් සහ ජනපති අතර විශේෂ හමුවක්
01:27
Video thumbnail
22 ගැන කට ඇරිය පාඨලී - JVP තුවක්කු අපි දැකලා තියෙනවා..ගොඩක් අයගේ කූඩුවල අපි ඉදලා තියෙනවා
03:39
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට එන්නේ හොරුද ?පි#සො කළබල වුණාට දොස්තරලා කළබල වෙන්නේ නෑ
05:50
Video thumbnail
මම ආදරයෙන් කියන්නේ අයියලා කියලා - අර්චුනා පාර්ලිමේන්තුවේ කළ සුපිරි කතාව
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12