සුළුකොට නොතැකූ වරදට දැඩි දඬුවම් දුන් මහාධිකරණ විනිසුරු

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳිවියකුට ලබාදීම සඳහා ඔහුට ගෙන ගිය ආහාර භාජනයේ පත්ලෙහි සඟවා හෙරොයින් ග්‍රෑම් 6.69 ප්‍රමාණයක් රැගෙන යාම හා ජාවාරම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (22) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

වයස අවුරුදු 45 ක අවිවාහකයෙකු වන මොහොමඩ් ඉස්තිකාර් යන විත්තිකරුට මේ ලෙස මහාධිකරණය මගින් දඬුවම් නියම වුණා.

විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා වන ජාවාරම් කිරීම සඳහා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙක පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු කරන බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා දඬුවම් නියම කළා.

රට තුළ සිදුවන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් සමාජයට සිදු වී ඇති විනාශය සලකා බලා මෙම විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන ලෙසට දඬුවම් නියම කිරීමට ප්‍රථම පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතීඥ කේශනී විජේසිංහ මහත්මිය අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා.

තම සේවාදායකයා මින් පෙර මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවකු වී නොමැති බව සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් සිර දඬුවම් නියම කරන ලෙසට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කරන ලද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කිසිදු බියකින් සැකයකින් තොර බන්ධනාගාරයක් තුළට දෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාම සුළු කොට තැකිය හැකි වරදක් නොවන බවට පෙන්වා දුන් විනිසුරුවරයා ඒ බව සලකා බලමින් විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන බව ප්‍රකාශ කළා.

ඉකුත් 2013 සැප්තැම්බර් මස 13 වෙන දින එම මත්ද්‍රව්‍ය තොගය බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී අමුත්තන්ගේ ශාලාවේ දී සිදු කරන ලද පරික්ෂාවේ දී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී එම භාජනයේ හෙරොයින් ග්‍රෑම් 19 ක් අඩංගු වී තිබූ අතර රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තාවට අනුව ශුද්ධ බර හෙරොයින් ග්‍රෑම් 6.69 වන බවට අධිකරණය හමුවේ අනාවරණය වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46