සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළිත්

සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ (15) රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් මිල ගණන් කැඳවීමට ද අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මිල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ‍‍‍සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඇගයීමට ලක් කර 2024/2025, 2025/2026 සහ 2026/2027 යන වර්ෂයන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන රුපියල් බිලියන 6.027ක මුදලකට ක්‍රියාත්මක කිරීම නිර්දේශ කර තිබෙනවා.

වසර 03ක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමටත්, සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් 180,000කට අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට හිමි දෙමාපිය මරණ ප්‍රතිලාභ “අස්වැසුම” වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ට ද ලබාදීමටත් අනුමතිව හිමිව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31