සුපිරි 04 වටයේ ඉන්දු – පාකිස්ථාන තරගය වෙනුවෙන් අතිරේක දිනයක්

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය වෙනුවෙන් අමතර දිනයක් වෙන් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ලබන 10 වනදා මෙම තරගය වෙනුවෙන් දිනය වෙන්කර ඇති අතර, මෙම තරගයට පැවැත්වීමට කිසියම් හෙයකින් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එම තරගය යළි පැවැත්වීමයි මෙලෙස අතිරේක දිනයක් වෙන්කර ඇත්තේ.

ඒ, අනුව මෙම තරගය වෙනුවෙන් ලබන 11 වනදා මෙලෙස අතිරේක දිනය ලෙස වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තරගය ක්‍රියාත්මක වෙමින් පැවතිය දී වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය සම්පූර්ණ කිරීමට නොලැබුණහොත් තරඟය අත්හිටුවන ලද ස්ථානයේ සිට සැප්තැම්බර් 11 වන දිනයේ දී තරගය යළි ආරම්භ කිරීමට නියමිතයි.

එවැනි අවස්ථාවකදී, ප්‍රවේශපත්‍ර හිමිකරුවන්ට තම තරග ප්‍රවේශපත්‍ර සන්තකයේ තබාගෙන සිටින ලෙස උපදෙස් ලබා දෙනවා.

සුපිරි 04 තරග වටයේ අනෙකුත් කිසිඳු තරගයක් සඳහා මෙලෙස අතිරේක දිනයන් වෙන් නොකරන බව ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කරනවා.

මේ අතර තරගාවලියේ මුලික වටයේ දී දෙපිළම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී එකිනෙකා මුණ ගැසුණු අතර. එම තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පාකිස්ථාන පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
17
+1
3
+1
4
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34