සුඛෝපභෝගී බස් රථයට මහ රෑ පැමිණ ගිනි තැබූ අය ගැන පොලිස් විමර්ශන

කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොලෙහි සති පොල භූමිය අසල නවතා තිබූ සුඛෝපභෝගී බස් රථයකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් අද (05) දින අළුයම ගිනි තබා පලා ගොස් ඇති බව කඩුවෙල පොලිසිය පවසනවා

මෙලෙස ගිනි තබා ඇත්තේ අධිවේගී මාර්ගය හරහා කඩුවෙල – මාතර ධාවනය කරන ලද සුඛෝපභෝගී බස් රථයකට වන අතර ගිනි ගැනීමෙන් බස් රථය සම්පූර්ණයෙන් ම දැවී විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම බස් රථය අසල ගාල් කර තිබූ කඩුවෙල – කොල්ලුපිටිය සාමන්‍ය සේවා බස් රථ දෙකකට ද ගින්නෙන් සුළු හානි සිදුව ඇති බවද පොලිසිය පවසනවා.

අද (05) දින අළුයම් කාලයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් බස් රථයට ගිනි තබනු දැක ඒ අසල තවත් බස් රථයක සිටි රියදුරු කොන්දොස්තර දෙදෙනෙක් විසින් කෑ ගැසීමේදී එම දෙදෙනා පලා ගොස් ඇති බවද පොලිසිය පවසනවා.

අදාළ බස් රථයට ගිනි තබන අවස්ථාවේදී එම බස් රථය තුල රියදුරු කොන්දොස්තර දෙදෙනා නිදා සිට ඇති අතර අනෙක් බස් රථයේ සිටි රියදුරු කොන්දොස්තර දෙදෙනාගේ කෑ ගැසීම නිසාවෙන් ඔවුන් එම බස් රථයෙන් පිටතට පැන තිබෙනවා.

මෙම ගිනි තැබීම පෞද්ගලික කෝන්තරයක් මත සිදුකල ගිනි තැබීමක් බවට පොලිසිය සැක කරන අතර කඩුවෙල පොලිසිය විසින් වැඩිදුරට විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33