පෘථිවියේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර 10න් මුලසුන සීගිරියට

2025 වර්ෂයේ දී ලොව වඩාත් ම ආගන්තුක සත්කාරයට ලක් වන නගරය බවට සීගිරිය පත් ව තිබෙනවා.

Booking.com විසින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලැබුවා.

මෙම පිළිගැනීම පදනම් වී ඇත්තේ ගමනාන්තයේ ආගන්තුක සත්කාරය සහ චමත්කාරය ඉස්මතු කරමින් මිලියන 360කට අධික පිරිසක් සිය නැරඹුම් සහ නැරඹීම් මධ්‍යස්ථානය ලෙස සීගිරිය සොයා ඇති බවට හෙළිවීමත් සමගයි.

Booking.com වෙබ් අඩවිය මෙම අනාවරණය කර ඇත්තේ සිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමී ව බවට ද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ‘සංස්කෘතික ත්‍රිකෝණයේ’ හදවතෙහි පිහිටා ඇති සීගිරිය, ස්වාභාවික තේජස සහ ගැඹුරු ඉතිහාසය බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තය බවයි Booking.com වෙබ් අඩවිය මෙම නම් කිරීම සිදු කරමින් පවසා තිබෙනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සුප්‍රසිද්ධ සීගිරි පර්වත බලකොටුව, විශ්මයජනක දසුන් ලබාදෙන අතර, පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය ඉස්මතු කරන බවයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෝස්තර සහිත බතික් නිර්මාණය, විසිතුරු භාජන සහ අත්කම්, රෙදිපිළි සඳහා ප්‍රසිද්ධ සීගිරිය අසල ගම්මානය මඟ නොහැරිය යුතු අත්දැකීමක් බවයි සංචාරකයින්ට දැනුම්දෙන්නේ.

මීට අමතරව ලොව සංචාරකයින් අතර ජනප්‍රිය වෙබ් අඩවියක් වන Booking.com වෙබ් අඩවිය විසින් 2025 වසරේ පෘථිවියේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර 10 ද එළිදක්වා තිබෙනවා.

පෘථිවියේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර 10 අතර දෙවන ස්ථානය ස්පාඤ්ඤයේ කසෝර්ලා නගරය නම්කර ඇති අතර, Booking.com වෙබ් අඩවිය මගින් තුන්වන ස්ථානයට නම්කර ඇත්තේ බ්‍රසීලයේ උරුබිසි නගරයයි.

නවසීලන්තයේ ටවුපෝ, එක්සත් ජනපදයේ ශාන්ත ඔගස්ටින්, ඉතාලියේ ඔර්වියෙටෝ, කොලොම්බියාවේ මැනිසාලෙස්, ජර්මනියේ ක්වෙඩ්ලින්බර්ග්, තායිලන්තයේ කෝ ලන්ටා සහ එක්සත් රාජධානියේ චෙස්ටර් යන නගර පිළිවෙලින් ලෝකයේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ නගර10 අතරට නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29