සිපිරි ගෙදර ඉදන් රන්ජන් හේමාල්ට දුන් උපදෙස් ටික

මේ වනවිට සිරගත කොට සිටින රංජන් රාමනායක පසුගිය දා නිමාවුණු SLIM PEOPLE සම්මාන උළෙලේදී නැවත වතාවක් ජනතාවගේ නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. කෙසේ වෙතත් මෙම සම්මානය හිමිවීමෙන් අනතුරුව රංජන් තමන්ගේ ආදරණීය රසිකයන් වෙත ස්තූතිය පලකරමින් ලිපියක් ලියා තිබෙනවා. එය ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් රංජන් රාමනායකගේ නිල ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.

එම සටහන පහතින්..

විශ්වාස තියාගෙන හිටපල්ලා… මමත් එනවා පෝළිමේ හිටගන්න.

මගේ ආදරණීය මගේම පන්තියේ මගේම නුඹලාට…

හිතට දුක් ගින්දරත් බඩට කුස ගින්දරත් දැනෙන

වෙලාවක උඹලා ඉන්නෙ කියලා මම දන්නවා. රංජන් රාමණායක කියන නළුවට ආදරේ කරලා රංජන් රාමණායක කියන දේශපාලකයාව විශ්වාස කරපු උඹලා ගැන මට දුකයි. ඒත් මම උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා කියපුවා උඹලා ඇහුවා නම් උඹලාට අද මේ ඉරණම නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මට මෙතන ඉදන් උඹලාගෙ ඔය ගිනි නිවන්න පිහිටක් සරණක් වෙන්න බැරි එක ගැන හිතට හරි වේදනයි. උඹලා පෝලිම් වල අව්වෙ කර වෙවී වැස්සට තෙමි තෙමී දිවා රෑ නොබලා ඔය ගෙවන කරුමෙ දිහා මම බලාගෙන ඉන්නෙ.

ඉතින් මේ කරදර බාධක මැද්දෙත් මම ජනතාවගේ නළුවා වෙලා. ඇත්තටම විජය බාප්පා හිර කරපු කාලේ වගේ නෙමෙයි. ඒ කාලෙ ලොජික් දැන් ගැලපෙන්නෙ නෑ. මාව හිරකරාට මට ආදරේ අරන මගේ ආදරණීය ජනතාවගේ හඩ හිර කරන්න බෑ. ඒ හඩ තමයි ඊයේ SLIM Kantar වේදිකාවෙ රැව් පිළිරැව් දුන්නෙ. උඹලා හැමෝටම හරි ගොඩාක් පිං මට මේ දෙන ආදරයට. විශ්වාස තියාගෙන හිටපල්ලා… මම එනවා ඉක්මණින්ම උඹලත් එක්ක පෝළිමේ අන්තිමට හිටගන්න… ඇත්තටම කවුද මේ ජනතාවාගේ නළුවා… ජනප්‍රිය නළුවාද.. නෑ. ජනතාවගේ හද ගැස්ම දන්න එකා… අපේ එකා වෙච්චි එකා… උඹලා වෙනුවෙන් ඕනම ගේමකට සෙට් වෙන එකා… මගේ ජීවිතේ උඹලා වෙනුවෙන් කෑ ගැහුවේ නැත්තන් මට හිරේ ඉන්න වෙන්නෙ නෑ. හැබැයි උඹලා මට සම්මාන අරන් දුන්නට වැඩක් නෑ. උඹලා මං කියපු දේ ඇහුවෙ නෑ.. මට ඒකටත් දුක උඹලා ගැනමයි… මගේ ජීවිතේ සුවිශේෂී අවස්ථාවක හම්බවුනු මේ සම්මානෙ හදවතට හරිම බර වැඩියි. හිර ගෙදරට ආවට පස්සෙ උඹලා මාව යෝධයෙක් කරලා…. ඒ නිසා මං දන්නවා එළියෙ හිටපු රන්ජන්ට වඩා හිරේ ඉන්න රන්ජන්ට උඹලා ආදරෙයි… පාලකයෝ බයයි. උන් උඹලාට බයයි….

මම මගේ හදවතින්ම සුබ පතනවා හේමාල් මල්ලිට. මල්ලි.. උඹත් ජනතාවගේම නළුවෙක්… උඹ ඔය අතට ගත්තේ ලොකු වගකීමක්… හඩක් නැති උන්ට හඩක් වෙන්න උඹටත් මහා පෞර්ෂයක් තියෙනව කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ… Wellcome To The Clan මල්ලි. ඒ වගේම සිනමාව ඇතුලෙ උඹට විශාල ගමනක් තියෙනවා.. ඒ ගමන ඉද්ද ගැහුවා වගේ පලයන් මල්ලි.

ආදරණීය මගේ අම්මිට , තාත්තිට, මං නිසා දුක් උහුලන රත්තරං අක්කට සහ පුත්තුන්ට, මන් නිසා චාටර් වෙන මගේ මස්සිනාට… ( සහෝදරයෙක්වත් උඹ වගේ වෙන්නෙ නෑ බං ) මට උදව් කරන ඩොක්‍ටර් භාග්‍යා , මගේ සගයා ලකීට, උදව් කරන හැමෝටම, මගේ ආදරණීය කලා පවුලේ හැමෝටම, මගේ ඇඩ්මින්ට හැමෝටම ගොඩාක් ස්තුතියි….

මේ මල් මිට උඹලාට..

මට ඉන්න හිතෙන රටක් හදලා තියපල්ලා…

උඹලට මාව ඕනෙම වෙලාවෙ මම නෑ කියලා දුක් වෙන්න එපා… මං ඉක්මණින් එනවා….ජය වේවා….!!!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩුවට දුම් විසිවෙන්න දෙද්දි විපක්ෂයේ සෙට් එකට හිනා - ඊබ්‍රාහිම් ඔයා වෙනුවෙන් කළේ මොනවද ?
11:03
Video thumbnail
ඇයි ඇයි උඹලා චණ්ඩි ද.. දාපන් මේක
01:01