සැකකරු අල්ලන්න ගොස් අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි

ජාඇළ පොලිසිය ආසන්නයේදී ජාඇළට පැන පළා යාමට උත්සාහ කළ සැකකරුවෙකු ලුහුබැඳ ගොස් අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබෙනවා.

ඒ මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම සේදවත්ත ප්‍රදේශයේ තිබියදීයි.

හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ජා-ඇල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු ඊයේ අධිකරණයට රැගෙන යාමට පොලිස් රථයට නංවා ගැනීම සඳහා රැගෙන එමින් සිටියදීයි පලා ගොස් තිබුණේ.

එම අවස්ථාවේ දී අත් මාංචු ද සමග සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ජාඇළට පැන පලා යාමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ද සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ලුහුබැඳ ගොස් තිබෙනවා.

එලෙස ඇලට පැන තිබූ ජා-ඇල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි වයස අවුරුදු 26ක් වූ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අතුරුදන්ව සිටියා. අවිවාහකයකු වූ මෙම පොලිස් නිලධාරියා චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පලායාමට සුදානම් වූ සැකකරු අනෙකුත් නිලධාරීන් විසින් යළි අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34