spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සාධු නිදන කාමරයට ඇවිත් කකුල් මසාජ් කරන්න කීවා – ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා

ගම්පහ සිරිමල් උයන ප‍්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් දේවාලයක් පවත්වාගෙන යන සාධු යන ආරූඪ නාමයකින් හැඳින්වෙන 32 හැවිරිදි පුද්ගලයෙකු අවුරුදු දාසයයි මාස අටක් වයසැති තරුණියක්ව රවටා ලිංගික අතවර කළ කපුවෙකුව ලබන 25 වෙනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස ගම්පහ අධිකරණය නියෝග කර තිබෙනවා. 

අපල දෝෂ දුරුකර ගැනීම සඳහා මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග සැකකරුගේ දේවාලයට ගොස් ඇති තරුණිය එම දේවාලයේ සකස් කරන කොවිඩ් මර්දන බෙහෙත් වට්ටෝරුවක් සැකසීමට උදව් කර පසුව එසේ උදව් කිරීම සඳහා නැවත ගිය අවස්ථාවකදී සැකකරු තරුණියව රවටා ලිංගික අතවර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සාධු කේන්ද්‍රය බලා ඇඟේ කායික ශක්තිය දුර්වලයි කියා පැවසුවා.සාධු ආර්ය උත්තමයෙක්. ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කිව්වා.එවැනි පුද්ගලයකු තරුණියක් වැළඳ ගත් විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන බවත් පෘථග්ජන පුද්ගලයන්ට මෙන් සාධු වැනි අයට රාග සිතක් පහළ නොවන බවත් පවසා ඇත. 

සාධුගේ නිදන කාමරයට පැමිණ ඔහුගේ පාද දනිස් මසාජ් කර දෙන ලෙස පවසා ඇති අතර.සාධු ආර්ය උත්තමයකු නිසා තමන්  එම කටයුතු සඳහා සාධුගේ නිදන කාමරයට ගිය බව ඈ සදහන් කර ඇත. 

කාමරයේදී ලිංගික අතවර කරන්න හදන්න ආ විට ඇය ඊට අකමැති වු නිසා .සාධු ආර්ය බලයෙන් මාව පොළඹවා ගත්තා යැයි වින්දිත තරුණිය පොලිසියට ප‍්‍රකාශ ලබාදී ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණයට කරුණු අනාවරණය කර ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?