AFC Banner
AFC Banner
Empty Ad

ස්ථාවර තැන්පතු පොළියෙන් බදු අඩුකරගත් නිසා ගනුදෙනුකරු බැංකු මැනේජර්ට තඩිබාලා (වීඩියෝ)

ගනුදෙනුකරුවෙක් විසින් බැංකුවක් තුළ දී බැංකු කළමණාකරුවෙකුට පරහදීමේ සිද්ධියක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ස්ථාවර තැන්පතු සඳහා ඉහළ දැමූ බදු මුදල් පොළී මුදලින් අඩුකර ගැනීමට එරෙහිව ගනුදෙනුකරුවා විසින් මෙම පහර දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අහමදාබාද්හි වස්ත්‍රපූර් යුනියන් බැංකුවක කළමණාකරුවෙක් සහ ගනුදෙනුකරුවෙකු අතර ඇති වූ මෙම ගැටුමේ වීඩියෝවක් මේ වන විට එරට සමාජ මාධ්‍යවල සංසරණය වන බවයි තොරතුරු වාර්තා වුණේ.

ගනුදෙනුකරු සහ බැංකු කළමණාකරු අතර බදු මුදල අඩුකර ගැනීම සම්බන්ධයෙන් මුලින් බහින් බස් වීමක් සිදුව ඇති අතර, පසුව එය දුරදිග යාමෙන් දරුණු ගැටුමක් බවට පත්ව තිබෙනවා.

වස්ත්‍රපූර් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

https://twitter.com/idesibanda/status/1865086504009412663
https://twitter.com/idesibanda/status/1865086504009412663
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
20
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?