spot_imgspot_img
spot_img

ස්ථාන රැසක මෘදු මත්පැන් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතී

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අනුමත ස්ථාන සඳහා ලබාදුන් මෘදු මත්පැන් අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත්තේ සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාිරයේ ලියාපදිංචි හෝටල්, ආපන ශාලා සහ සංචාරකයන්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංවාරක ආයතන සඳහා බියර් හා වයින් ඇතුලු මෘදු මත්පැන් භාවිතා කිරීම සඳහා ලබාදී තිබු අවසරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අනුව ලබාදෙන ලද වාරණ නියෝගයකට අනුවයි.

ඒ අනුව මේ දක්වා නිකුත් කර ඇති සියලු මෘදු මත්පැන් අවසර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලබනවා.

මින් ඉදිරියට මෘදු මත්පැන් අවසර සඳහා අයදුම්පත් නිකුත් කිරීම අත්හිටුවීම අධිකරණයේ වාරණ නියෝගය අනුව සිදුවනු ඇති.

මෙම වාරණ නියෝගය අභියාචනාධිකරණයේ අදාළ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන දිනය තෙක් බලපැවැත්වෙනු ඇති. නඩුව ලබන නොවැම්බර් මස 13 වනදා යළි කැඳවීමට නියමිතයි.

Liquor Order
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?