සහල් මිලේ ගැසට්ටුව රිවස් කරන්නේ නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

මේ වනවිට වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසනවා.

අද (15) මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් මිලට අනුව සහල් අලෙවි කිරීමට හැකිවන පරිදි වී මිල දී ගැනීම සිදුකරන ලෙසයි.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළඳසැල් වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සඳහන් කළ සභාපතිවරයා, ඒ සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් පැවසුවා.

එමෙන්ම සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කාර ඇති ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමක් හෝ සංශෝධනය කිරීමක් සිදුනොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ (14) මධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කළේ වෙළඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟය හේතුවෙන්, සම්බා සහ කීරි සම්බා අලෙවි කිරීමට පනවා ඇති උපරිම සිල්ලර මිල වහාම ඉවත් කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40