Empty Ad
AFC Banner
Empty Ad

සහතික කළ වී මිල සංශෝධනය කිරීම පිළිබඳ කමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශයට

වීවල සහතික මිල සංශෝධනය කිරීමට විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව සිය වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කමිටුවේ විමර්ශනය මෑත මාසවලදී වී වගාව සඳහා භාවිත කරන යෙදවුම්වල පිරිවැය සලකා බලා සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු නිර්දේශ මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර, එහිදී වී මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

පසුගිය යල කන්නයේදී, නාඩු වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක්, සම්බා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 115ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක් ලෙස සහතික කළ මිල ගණන් නියම කරනි ලැබුවා.

එමෙන්ම මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් සූදානම් කර ඇති බවත්, ලබන මාසයේ අස්වැන්න මිලදී ගැනීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් වී අලෙවි මණ්ඩලය පවසනවා.

මේ අතර වී සඳහා ඉතිහාසයේ පළමුවරට වී සඳහා අවම මිලක් තීරණය කිරීමට රජය කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගිය දා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?