spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සල්ලි කොළවලින් කැටයම් දැම්මොත් දැඩි දඬුවම්

වලංගු මුදල් නෝට්ටු යොදාගනිමින් විසිතුරු භාණ්ඩ සහ තෑගි අයිතම සකස් කිරීම සහ එවැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇති බව පවසනවා.

එලෙස වලංගු මුදල් නෝට්ටු භාවිත කරමින් මුදල් නෝට්ටු විකෘති කිරීම සහ නියම ස්භාවයට හානි කිරීම වරදක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

එවැනි වරදකට අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් මිලියන 25 කට නොවැඩි දඩ මුදලක් හෝ වසර 03 කට නොඅඩු සිරදඬුවමකට හෝ එම දෙකටම යටත් කිරීමේ හැකියාව පවතිනවා.

මුදල් නෝට්ටු යොදාගනිමින් විවිධ නිර්මාණ කිරීම මේ වනවිට සමාජය තුළ රැල්ලක් බවට පත්ව ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
8
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?