සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අවුරුද්දකුත් මාස හතක් වයස සිගිත්තෙකු ඊයේ (16) මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේ තනුජන් ජැස්මින් නැමති පිරිමි දරුවෙකි.
මෙම දරුවා රාත්රි කාලයේ නිවසේ නිදා ගෙන සිටිය දී නිවස තුළට පැමිණ ඇති සර්පයා දෂ්ඨ කර ගොස් තිබෙනවා.
පසුව මෙම දරුවා ධර්මපුරම් රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ඉතා බරපතල බැවින් කිළිනොච්චිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී පුංචි තනුජන් මියගොස් තිබෙනවා.
ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි










