සමූපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට තීන්දු තීරණ රැසක්

සමූපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට පළාත් සභා නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් කමිටුවක් පත් කිරීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව විසින් තීරණය කර තිබෙනවා.

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබුවා.

එමෙන්ම සමූපකාර බැංකු සඳහා මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීම පිළිබඳ සාකච්ඡා වූ අතර, දෙහිවල – ගල්කිස්ස සමූපකාර සමිතිය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීමට සණස සම්මේලනය හා හෝමාගම විවිධසේවා සමූපකාරයේ සහාය ලබාගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නා.

මේ අතර මෙම කාරක සභාව අවස්ථා කිහිපයක දී රැස්වීමෙන් අනතුරුව මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම, සමූපකාර සමිතිවල වංචා දූෂණ, නිලධාරීන් විසින් ගත් අදූරදර්ශී තීරණ සහ ගිණුම් විගණනයක් නිසි කාල සීමාවල දී සිදුනොකිරීම යන කරුණු 04 හඳුනාගත් බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු මෙහි දී පෙන්වා දෙනුලැබුවා.

එසේම සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් සකස් කළ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කෙටුම්පත් කරන ලද පනත සහ තවත් වාර්තා දෙකක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.

මේ අනුව මෙම වාර්තා 03 මත පිහිටවා සමූපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් එක් වාර්තාවක් සකස් කිරීමට සියලු පළාත් සභා නියෝජනය කරන නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් අනු කමිටුවක් පත් කළා.

මෙම අනු කමිටුව ලබාදෙන වාර්තාව ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28