Empty Ad
AFC Banner
Empty Ad

සමාව ගත්තත් සිදුකරන පරීක්ෂණ නවතන්නේ නැහැ – මහජන ආරක්ෂක ඇමති

කිසියම් පුද්ගලයෙක් වරදක් සිදුකර සමාව ගත්ත ද, එම වරද සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පහසුවෙන් අතහැර දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ආගමික සංහිදියාවට බලපෑම් එල්ලවන පරිදි ප්‍රකාශයන් සිදුකළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (22) දිනයේ මෙරටට පැමිණෙන බවට ඊයේ තොරතුරු වාර්තා වුණා.

මේ වනවිට විදෙස් ගතව සිටින ඔහු ඊයේ (21) මෙරට පැවති මෙහෙයකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් දේවගැතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තම ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට සිදු වූ හිත්රිදවීම සම්බන්ධයන් තමා සමාව අයැද සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිදුකළ ආගමික සංහිදියාවට බලපෑම් එල්ලවන ප්‍රකාශත් සමඟ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියා.

ඒ, අනුව ඔහුට රටින් පිටවීම වළක්වාලමින් පසුගිය දා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර, එම නියෝගය නිකුත්කරන අවස්ථාව වනවිටත් ඔහු මෙරටින් පිටව සිංගප්පූරුව බලා ගොස් තිබුණා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (22) පැවැත් වූ මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
12
+1
0
+1
1
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴මගීන් 500කට ආසන්න පිරිසක් සමග කෝච්චියක් පැහැර ගනී
01:45
Video thumbnail
සෞඛ්‍ය ඇමති හදිසියේ මාධ්‍ය කැඳවා කියපු කතාව
08:28
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
01:00
Video thumbnail
පච්ච ගහලා තට්ටේ ගාලා හිටපු වෛද්‍යවරියගේ සිදුවීමට අදාල සැකකරු අල්ලපු මෙහෙයුම මෙන්න
06:03
Video thumbnail
විනාඩි 13යි - ලාල් කාන්ත කටඅරී - විපක්ෂය silent #lalkantha #npp #jvp
13:36
Video thumbnail
මෙහෙම අපිව අසරණ කරන්න එපා - වර්ජනය නිසා රෝගීන්ට තද වෙයි
05:45
Video thumbnail
මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
05:35
Video thumbnail
වර්ජනය නවත්තනවද ? GMOA මාධ්‍ය හමුව උණුසුම් වෙයි
40:51
Video thumbnail
අපිට බෙහෙත් නෑ - අනේ මන්ද පුතේ අනුරාධපුරේ රෝහලේ ප්‍රශ්නයක්ලු
02:35
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:16

?