සමාව ගත්තත් සිදුකරන පරීක්ෂණ නවතන්නේ නැහැ – මහජන ආරක්ෂක ඇමති

කිසියම් පුද්ගලයෙක් වරදක් සිදුකර සමාව ගත්ත ද, එම වරද සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පහසුවෙන් අතහැර දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ආගමික සංහිදියාවට බලපෑම් එල්ලවන පරිදි ප්‍රකාශයන් සිදුකළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (22) දිනයේ මෙරටට පැමිණෙන බවට ඊයේ තොරතුරු වාර්තා වුණා.

මේ වනවිට විදෙස් ගතව සිටින ඔහු ඊයේ (21) මෙරට පැවති මෙහෙයකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් දේවගැතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තම ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට සිදු වූ හිත්රිදවීම සම්බන්ධයන් තමා සමාව අයැද සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිදුකළ ආගමික සංහිදියාවට බලපෑම් එල්ලවන ප්‍රකාශත් සමඟ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියා.

ඒ, අනුව ඔහුට රටින් පිටවීම වළක්වාලමින් පසුගිය දා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර, එම නියෝගය නිකුත්කරන අවස්ථාව වනවිටත් ඔහු මෙරටින් පිටව සිංගප්පූරුව බලා ගොස් තිබුණා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (22) පැවැත් වූ මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19